තෙල් මිල අඩුවෙයි



එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ තෙල් මිල ගණන් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ අඩු වී ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන්වලට අනුව සුපර්98 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල එමිරේට්ස් ඩිරාම් 2.57 සිට 2.25 දක්වාත්,  විශේෂ95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.46 සිට 2.15 දක්වා අඩු කර ඇත.

ඊ-ප්ලස්91 වර්ගයේ ඉන්ධන ඩිරාම් 2.38 සිට 2.05 දක්වාත්, ඩීසල් මිල ඩිරාම් 2.87 සිට 2.61 දක්වා අඩු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS