තාවකාලික තහනම ඉවතට



බ්‍රසීලයෙන් ගවයන් ආනයනය කිරීමට පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට සෞදි පරිසර, ජලජ සහ කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අභිජනනයට සහ මස් පිණිස බ්‍රසීලයෙන් සෞදියට ගවයන් ආනයනය කරයි.

සෞදි නියෝජිත පිරිසක් බ්‍රසීලයට ගොස් ගවයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසු නිකුත් කරන ලද වාර්තාව සහ ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය ලබා දුන් උපදෙස් සැළකිල්ලට ගෙන පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට පියවර ගත් බව සෞදි පරිසර, ජලජ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සත්ව අවදානම් තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සානද් අල් හර්බි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS