ඩිජිටල් මුද්‍රාව අනිවාර්යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල දුම්වැටි අලවි කිරීමේදි ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.

බදු එකතු කිරීම වේගවත් කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය භාවිතා කර බදු එකතු කිරීමට ෆෙඩරල් බදු අධිකාරිය ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.

පිටරටින් ගෙන්වන සහ දේශීයව නිෂ්පාදනය කරන දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන සඳහා අදාල මුද්‍රාව ක්‍රමාණුකූලව අනිවාර්ය කරන බව වාර්තා වේ. 

බදු නොගෙවන සමාගම්වලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එමිරේට්ස් රජය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS