ටයර් අධීක්ෂණ ඩිජිටල් පද්ධතියක්



අධි-තාක්ෂණිකටයර්අධීක්ෂණයඩිජිටල් පද්ධතියක් මෙම වසර (2017) අවසාන කාර්තුවේදි හඳුන්වා දීමට එම්රේට්ස් රාජ්‍යය කටයුතු කරමින් සිටින බව එමිරේට්ස් Al Youm පුවත්පත වාර්තා කළේය.

සෑම ටයරයක් සඳහාම අධි-තාක්ෂණික චිපයක් (chip) සවිකරනු ලබන අතර එම චිප් එක මගින් ටයරයේ ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ දෝෂ සහිත තත්ත්වයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරයි.

නව අධි තාක්ෂණිකටයර්අධීක්ෂණයඩිජිටල් පද්ධතියහඳුන්වාදීමත් සමගම ප්‍රමිතියෙන් තොර ටයර් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවන අතර නිෂ්පාදනයද නතර කර දැමීමට සිදු වේ.

“ටයර් නිසා සිදුවන අනතතුරු අවම කර ගැනීම සඳහාඅපි මෙම පද්ධතිය හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන්නේ, මේ වසර අවසානයේදී ක්‍රියාවට නංවනවා’’ එමිරේට්ස් ප්‍රමිතිකරණ සහ මිණුම් විද්‍යා අධිකාරිය ප්‍රකාශ කළේය.

අදාල ප්‍රමිතියෙන් යුත් නව ටයර්  ගෙන්වීම සහ අලවි කිරීමට එමිරේට්ස් ප්‍රමිතිකරණ සහ මිණූම් විද්‍යා අධිකාරි නිලධාරීන් ආනයනකරුවයන්ට සහ ටයර් අලවිකරුවන්ට දින 90ක කාලයක් ලබා දුන් බව වාර්තා වේ.

සෑම ටයරයකටම ඩිජිටල් අංකයක් සවිකරනු ලබන අතර ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ ස්කෑනර් උපකරණයක් ආධාරයෙන් පමණක් එම අංකය කියවීමේ හැකියාව ඇති බව එමිරේට්ස් ප්‍රමිතිකරණ සහ මිණුම් විද්‍යා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, අබ්දුල්ලා අබ්දුල්කාඩර් අල්-මයිනි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS