ගෝලීය ආර්ථිකය සියයට 4.4කින් පහළට



මේ වසරේ දී ගෝලීය ආර්ථිකය සියයට 4.4කින් පහළ වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට කලින් අපේක්ෂා කළ අගයට ද වඩා අඩු අගයකි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය මෙලෙස ගෝලීය ආර්ථිකය කඩා වැටීමට හේතුව වී ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩු ආර්ථිකවලට මුදල් යෙදවූ නමුත් ලබන වසරේ (2021) ආර්ථික අපේක්ෂා කළාට වඩා මන්දගාමී වනු ඇතැයි ද එම අරමුදල කියයි.

ආර්ථිකය හැකිළීමට ලක්වීම වළක්වා ගැනීම සඳහා ඇමෙරිකාව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක සහන පැකේජයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. ඇමෙරිකාවේ ආර්ථික වර්ධනය මේ වසරේ දී සියයට 4.3ක් දක්වා පහළ වැටෙනු ඇතැයි මේ වන ගණනය කර ඇති අතර නමුත් චීනයේ ආර්ථිකය සියයට 1.9කින් වර්ධනය වනු ඇතැයි පැවසේ.

ඇතැම් ආර්ථික වර්ධනය වීමේ ලක්ෂණ පෙන්නුම් කළ ද ඉන්දියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවල ආර්ථික දෙකේ ඉලක්කම්වලින් පහත වැටෙනු ඇතැයි ද බ්‍රිතාන්‍යයේ ආර්ථිකය සියයට 9.8කින් පහත වැටෙනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

රොයිටර්


RECOMMEND POSTS