ගුවන් වාර වැඩි කරයි



මස්කට් සහ ඩකා නගර අතර ගුවන් ගමන් වැඩි කිරීමට ඕමානයේ ලාභදායි ගුවන් සමාගමක් වන සලාම්එයා ගුවන් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන් සේවයට පවතින ඉල්ලුම 95%කින් ඉහළ යෑම නිසා ගුවන්ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ගුවන් සමාගම පියවර ගෙන ඇත.  

දැනට ගුවන්ගමන් හතරක් (04) සතියකට ක්‍රියාත්මක වන අතර එය හය(06) දක්වා වැඩිකරන බව ගුවන් සමාගම නිවේදනය කළේය.

ඉල්ලුම වැඩිවන ආකාරය අනුව අනිකුත් නගරවලටද (ජෙඩා, ඩුබායි, දෝහා, සිරාස් සහ සලාලා වැනි) ගුවන්ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව සලාම්එයා ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS