ග්‍රීසියට ඍජු ගුවන් ගමන්



සෞදි ගුවන් සමාගම ග්‍රීසියේ ඇතන්ස් නුවරට ඍජු ගුවන් ගමන් ආරම්භ කරන බව වාර්තා වේ.

2019  ජුනි 05 දින සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර 2019 වර්ෂයේ පියාසර කරනු ලබන පළමු අන්තර්ජාතික ගමනාන්තයද වේ.

සතියකට ගුවන් ගමන් වාර හතරක් (04) රියාද් නුවර කලීඩ් රජු අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් ක්‍රියාත්මකකිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ.

ග්‍රීසියේ ඇතන්ස් නුවරට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි වීම අන්තර්ජාතික වශයෙන් ලබා ගත් ජයග්‍රාහණයක් බවත් ගුවන් මෙහෙයුම් පුළුල් වීම නිසා 2018 වර්ෂයේ ලැබු පාඩුව අවම කර ගැනීමට හැකි වන බව සෞදිගුවන් සමාගමේ අධ්‍යක්ෂ ජෙනරාල්, සලේ බින් නසීර් අල්-ජසීර් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS