කාන්තාවන්ට පමණයි



සෞදි කාන්තාවන්ට නිදහසේ පැමිණ ආහාරපාන ලබාගැනීමට හැකිවන ආකාරයෙන් කාන්තාවන්ට පමණක් වෙන් වු හෝටලයක් හේල් නගරයේදි ආරම්භ කිරීමට සළසුම් කර ඇති බව වාර්තා වේ.

පළමු හෝටලය රියාද් නගරයේදි ආරම්භ කළ බවත් විශාල කාන්තාවන් ප්‍රමාණයක් හෝටලයට පැමිණ නිදහසේ ආහාරපාන ලබාගන්නා බව රියාද් නුවර හෝටල් කළමණාකරු ප්‍රකාශ කළේය.

හේල් නගරයේ ඉදිකර ඇති හෝටලය තුල කාමර 25ක් තිබෙන අතර  සෑම අංශයකම සේවාවන් සපයනු  ලබන්නේ කාන්තාවන්ය.   

අලුතින් ඉදිකළ හෝටලයේ රැකියා අපේක්ෂාවෙන් සෞදි කාන්තාවන් දහසකට වැඩි ප්‍රමාණයක් මේවනවිට ඉල්ලුම්පත් එවා ඇති බව හේල් හෝටල් කළමණාකරු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS