කාඩ්පත්වලින් දඩ ගෙවන්න පුළුවන්



රථ වාහන සම්බන්ධ දඩ මුදල් ක්‍රෙඩිට් කාඩ් පත් හරහා ගෙවීමට රියදුරන්ටපහසුකම් සපයා දී ඇති බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.

කිසිදු පොලියක් අය කිරීමකින් තොරව වසරක කාලයක් ඇතුලත අදාල දඩ මුදල ගෙවිය හැක.

ජනතාවගේ සතුට හා මූල්‍ය තිරසාරත්වය ළඟා කර ගැනීම අරමුණින්ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ මුලෝපායික අරමුණු ඉටු කරගැනීමට කාඩ්පත් මඟින් දඩ මුදල් ගෙවීමේ පහසුකම හඳුන්වා දීමට කටයුතු කළ බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය..

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS