කටාර් රියාල් කථාව බොරුවක්ලු



කටර් රියාල් මුදල් ඒකකය සමඟ ගනුදෙනු කිරීම නතර කරන ලෙසට සෞදිඅරාබිමුදල්ඒජන්සිය සෞදි අරාබිය තුල පිහිටා ඇති මුල්‍ය ආයතනයන් වලට නියෝග ලබා දී ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පැතිරී යන කට කථාවන් සත්‍යතාවයක් නොමැති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එවැනි කිසිදු ආකාරයක නියෝග නිකුත් කිරීමක්සෞදි අරාබි මුදල් ඒජන්සිය මුල්‍ය ආයතනයන් වෙත ලබාදී නොමැති බව සෞදි ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කළේය.

බැංකු, බලපත්‍රලාභි මුදල් හුවමාරු මධ්‍යස්ථාන සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් සාමාන්‍ය පරිදි කටාර් රියාල් මුදල් ඒකකය සමඟ ගනුදෙනු කළ හැකි බවසෞදි ප්‍රවෘත්ති එජන්සියවැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS