කටාර් ගුවන් සේවකයින්ට ෆ්ලයිනස් රැකියා



කටාර් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අත්හිටුවීමට සෞදි රාජ්‍ය ගත් තීරණය නිසා කටාර් ගුවන් සේවයෙන් ඉවත් වු සෞදි ජාතිකයින්ට ෆ්ලයිනස් ගුවන් සමාගමේ රැකියා ඇබෑර්තු ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කළේය.

ගුවන් නියමුවන්, සහය ගුවන් නියමුවන්, ගුවන් යානා නඩත්තු ශිල්පීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, ගුවන් භාණ්ඩ කාර්‍යය මණ්ඩලය, අලවි අංශය, ප්‍රවේශ පත් නිකුත් කිරීමේ නිලධාරීන් සහ ගුවන් සේවයට අදාල ඕනෑම රැකියවක් තිබෙන බව එම ගුවන්සමාගම පවසනවා.

තම ගුවන් සමාගම සමඟ සම්බන්ධ වීමට කැමත්තක් දක්වන්නේ නම් [email protected] විද්‍යුත් ලිපිනයට අයදුම් පතක් යොමු කරන ලෙස කටාර් ගුවන් සේවයෙන් ඉවත් වු සෞදි ජාතිකයින් ගෙන් ෆ්ලයිනස් ගුවන් සමාගමඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS