ඖෂධ දැවැන්තයා ගෙන් 2020 දී බිලියන 2 ක ආදායමක්



එමිරේට්ස් රාජ්‍යය පදනම් කර ගෙන පිහිටුවා ඇති දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජුල්පා 2020 වන විට එමිරේට්ස් ඩිරාම් බිලියන 02 (ඇ:ඩො මිලියන 544) කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා සැළසුම් කරමින් සිටින බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

2017 මුල් කාර්තුවේදි එමිරේට්ස් ඩිරාම් මිලියන 369.3 ආදායමක් උපයා ඇති අතර එහි ශුද්ධ ලාභය එමිරේට්ස් ඩිරාම් මිලියන 44.1 ක් උපයා ගැනීමට සමාගම සමත් වු බව සමාගම පවසයි.

2020 දැක්ම අනුව, එමිරේට්ස්  සහ සෞදි අරාබියේ ඖෂධ නිෂ්පාදනය කරනු ලබන හොඳම ආයතන තුන අතරට පැමිණීම සමාගමේ ප්‍රධාන අරමුණු වී ඇති බව වැඩ බලන සාමාන්‍යාධිකාරි සහ ප්‍රධාන මුල්‍ය නිලධාරී, ජෙරොම් කාල් ප්‍රකාශ කළේය.

සෞදි අරාබියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හැකි ඉක්මනින් පිහිටුවීම සඳහා පසුගිය මාසයේදි සැලසුම් කල අතර ලෝකයේ තිබෙන රටවල් අතරින් රටවල් 30ක වඩා වැඩි ප්‍රමාණයකට තම නිෂ්පාදනයන් බෙදා හැරීම සඳහා සැලසුම් කළ බව සමාගම පවසනවා.

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා බංගලිදේශය, ඉතියෝපියාව වැනි රටවල පිහිටුවීමට සැලසුම් කර ඇති අතර දැනට මොරෙක්කොව, ඇල්ජීරියාව සහ ඊජිප්තුව යන රටවල් වල ඖෂධ නිෂ්පාදනය සිදු කරන බව එම සමාගම පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS