එටිහාඩ් ඉහළ පෙළේ සම්මාන තුනක් දිනාගනි



එටිහාඩ් ගුවන් සමාගම ගුවන් මගීන් වෙත ලබා දෙන ගුණාත්මක සේවාවන් වෙනුවෙන් Skytrax World Airline වාර්ෂික සම්මාන උළෙලේදි ඉහළ පෙළේ සම්මාන තුනක් දිනාගැනීමට සමත් වී ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

ලොව හොඳම ප්‍රථම පංතිය,පළමු පංතියේ හොඳම ආහාර සැපයුමසහ පළමු පන්තියේ හොඳම ගුවන් යානා ආසනය යන සම්මාන තුන දිනාගැනීමට එටිහාඩ් ගුවන් සමාගම සමත් වී ඇත.

ප්‍රංශයේ පැවැත් වෙන ද්වි-වාර්ෂික ගුවන් ප්‍රදර්ශනයේ එක් අංගයක් ලෙස ත්‍යාග ප්‍රධානොත්සවය ප්‍රංශ අභායාවකාශ කෞතුකාගාරයේ දි පැවැත්විණි.

මෙම සම්මාන උළෙලේදි සම්මානයක් දිනාගැනීමට අවස්ථාව හිමි වන්නේ ඉහල ගුණාත්මකභාවයකින්ගුවන් මගීන්ට සේවාවන් සපයනු ලබන ගුවන් සමාගම් වලට පමණක් වන අතර එම සම්මානයන් ගෝලීය මිණුම් දණ්ඩක් ලෙසදපිළිගැනීමකට ලක් වී ඇත.

සම්මාන උළෙල සඳහා ජයග්‍රාහකයින් තෝරාගෙන ඇත්තේ රටවල් 105ක මිලියන 19ක අධික ගුවන් මගීන් සංඛ්‍යාවක් යොදා ගෙන සිදු කරන ලද සමීක්ෂණයකින් ලබා ගන්නා ලද තොරතුරු මත පදනම් ව බව වාර්තා වේ.

මෙම සමීක්ෂණය සඳහා ගුවන් සමාගම් 325ක් යොදාගෙන ඇති අතර වන අතර ඒ සඳහා ලෝකයේ දැනට තිබෙන විශාලතම ගුවන් සමාගමේ සිට රට තුල පමණක් ක්‍රියාත්මක වන කුඩා ප්‍රමාණයේ ගුවන් සමාගම්ද සමීක්ෂණය සඳහා සහභාගි වී ඇති බව වාර්තා වේ.

සමීක්ෂණය සඳහා ගුවන් යානා ඇතුලත දී සහ ගුවන් තොටුපලවල් තුල දී ගුවන් මඟීන්ට සපයනු ලබන සේවාවන් සඳහා ද වැඩි අවධානයක් යොමුකළ බව සමීක්ෂකයින් ඇරේබියන් බිස්නස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS