ඉරානය ඉරාකයට ගෑස් දෙයි



වසර ගණනාවක පටන් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කළ ද, නොයෙක් නොයෙන් බාධක හමුවේ ක්‍රියාත්මක නොවුණු ඉරාන ඉරාක බලශක්ති වැඩසටහන මේ වනවිට ආරම්භ වී ඇත.

ඉරාකය ඉරානයේ බටහිර දෙසින් පිහිටි අසල්වැසි රාජ්‍යයයි.

ඉරාන රජය පවසා ඇත්තේ ස්වභාවික වායු ඉරාකයට ලබා දීම පසුගිය 21 වැනිදා ආරම්භ කළ බවත්, ඉරාකයේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට එය හේතුවක් වනු ඇති බවත්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS