ඉන්ධන මිල ඉහළට



ඉරානයේ බොරතෙල් අපනයනය අඩු වීමත් සමඟ ඉන්ධන මිල ඊයේ (9) සියයට එකක අගයකින් ඉහළ ගියේය.
 
මෙක්සිකෝ බොක්ක දෙසින් ඇති වෙමින් තිබෙන ‘මයිකල්’ සුළි කුණාටුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඛනිජ තෙල් නිෂ්පාදනය ද තරමක් දුරට පහත වැටුණු අතර එය ද තෙල් මිල වැඩිවීමට හේතුවිය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා තිබෙන සම්බාධක එරට බොරතෙල් අපනයන අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
 
ඉරානය යනු තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (ඔපෙක්) හි තෙවැනි විශාලතම නිෂ්පාදකයා වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධක නිසා එරට බොරතෙල් අපනයනය දිගින් දිගටම පහත වැටිණි. අප්‍රේල් මාසයේදී දිනකට බැරල් මිලියන 2.5කට වැඩි ප්‍රමාණයක් අපනයනය කළ ඉරානයේ අපනයන මේ වනවිට මිලියනකටත් වඩා අඩු අගයකට පහත වැටී ඇත.
 
(රොයිටර්)

RECOMMEND POSTS