ඇමෙරිකාවෙන් බදු



චීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය තවත් තී‍්‍රව කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා, ඇමෙරිකන් ඩොලර් බිලියන 200 ක් වටිනා තීරු බදු පැනැවීමට පියවර ගත්තේය.

පනවන ලද මෙම නව බදු චීනයෙන් ආනයනය කරන භාණ්ඩ 6,000 ක් සඳහා බලපැවැත්වෙනු ඇතැයි ද ට‍්‍රම්ප් පරිපාලනය වැඩි දුරටත් කියා සිටී. සහල්, රෙදිපිළි, ගමන් බෑග සහ ටොයිලට් පේපර් සඳහා ද මෙසේ බදු අය කෙරෙන බව ද පැවැසෙයි.

ඇමෙරිකාව විසින් ප‍්‍රකාශයට පත් කළ ඉහළතම බදු ප‍්‍රමාණය මෙය යැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ලබන 24 වැනිදා සිට සියයට දහයෙන් ඇරැුඹෙන මෙම බදු වසරක් ගතවෙද්දී සියයට 25 ක් දක්වා ඉහළ නැංවීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS