ආර්ථික පුරෝකථනය ඉහළට



සෞදි අරාබිය සඳහා මේ වසරේදී කරන ලද ආර්ථික පුරෝකථනය සියයට 0.2කින් ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම නවතම ලෝක ආර්ථික දැක්ම ප්‍රකාශයට පත් කරමින් මේ වසරේදී සෞදි අරාබියේ ආර්ථිකය සියයට 1.9කින් වර්ධනය වනු ඇතැයි සඳහන් කරයි.

මේ වසරේදී අප්‍රේල් මාසයේදී ලෝක ආර්ථක දැක්ම ප්‍රකාශයට පත් කරමින් සෞදි ආර්ථිකය සියයට 1.7කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබිණි. ඒ අනුව නවතම වාර්තාවට අනුව සෞදි අරාබියේ ආර්ථිකය ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමට නියමිතය.

මේ අනුව ලොව විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබියේ ආර්ථිකය පෙර අනුමාන කළාට සහ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමට නියමිතය. දැනට තිබෙන සංඛ්‍යා දත්ත අනුව සෞදි අරාබියේ ආර්ථිකය 2016 වසර හා සැසඳීමේදී සියයට 0.9කින් වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

හර්ෂණ තුෂාර සිල්වා

ගල්ෆ් බිස්නස්


RECOMMEND POSTS