අසත්‍ය තොරතුරු පළ කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනව්‍යාපෘති පිළිබඳව අසත්‍ය තොරතුරු ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය තුලපළ කිරීම හේතුවෙන් දින තිහක (30) කාලයක් එමිරේට් රාජ්‍යය තුල වෙබ් අඩවිය තහනම් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ව්‍යාපෘති කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවට අසත්‍යතොරතුරු පළකොට ඇති අතර පසුව එම තොරතුරු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ෆෙඩරල් නීතියට අනුව මාධ්‍ය ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා පනවා ඇති නීතිරීතීන්ට අනුකූලව අදාල තහනම පැනවා ඇති බව එමිරේට්ස් විදුලි සංදේශන නියාමන අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS