අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’



ශ්‍රී ලංකාවේ පොලී රහිත බැංකුකරණ සංකල්පය යටතේ කි‍්‍රයාත්මක වන පළමු සහ එකම බලපත‍්‍ර ලාභී වාණිජ බැංකුව වන අමානා බැංකුව ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’ යනුවෙන් නව්‍ය බැංකු ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම විශේෂ ප‍්‍රතිලාභ සහ සුපිරි සේවාව යන සංකල්ප මත පදනම්ව විදෙස්ගත බැංකුකරණ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙන්වී ඇත.

ගනුදෙනුකරු සහ කළමනාකරු සමග එකට එක සබඳතාවයක් පවත්වාගැනීමේ හැකියාවට අමතරව අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ් ගනුදෙනුකරුවන්ට ප‍්‍රමුඛතා සැකසීමේ සහ පුළුල් පරාශයක විහිදුණු මූල්‍ය විසඳුම් සඳහා වරණීය මිලකරණය, ආදරණීයයන්ට තෑගී දීම සඳහා ළමා ඉතිරි කිරීමේ වවුචර පත් මෙන්ම පේ‍්‍රෂණ අවස්ථාවන්හිදී සිය මනාපය අනුව විදෙස් විනිමය අනුපාත ප‍්‍රතිලාභයන්ද ලබාගත හැකිය. නිවාඩු කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්ස්පැට් ගෝල්ඞ් ගනුදෙනුකරුවන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී නොමිලේ ගුවන් තොටුපොළේ සිට රැුගෙන යාම හෝ රැුගෙන ඒම වැනි ප‍්‍රතිලාභ අත්වෙයි. එසේම තමන්ගේ හදිසි බැංකු අවශ්‍යතාවලදී සතියේ දින හතේ පැය 24 පුරාම හදිසි ඇමැතුම් අංකය ඔස්සේ බැංකුව සමගින් සම්බන්ධ විය හැකිය.

තම මුදල් නියමිත වේලාවට සහ ආරක්ෂාකාරීව සිය ආදරණීයයන් අතට ලැබෙන බව තහවුරු කිරීමට අල්-සමාන් එක්ස්චේන්ජ්, ලංකා මනි ට‍්‍රාන්ස්ෆර්, සීකෑෂ් සහ වෙස්ටර්න් යූනියන් ඇතුළු බහුවිධ පේ‍්‍රෂණ වේදිකාවන් සිය එක්ස්පැට් ගෝල්ඞ් ගනුදෙනුකරුවන් සඳහා ලබාදීමටද අමානා බැංකුව පියවර ගෙන ඇත. ගනුදෙනුකරුවන්ගේ පහසුව සිය ශාඛා 8 ඔස්සේ වසරේ දින 365 පුරාම සේවා සැපයීමට අල්-සමාන් එක්ස්චේන්ජ් සමාගම කටයුතු යොදා ඇති අතර, තම ගනුදෙනුකරුවන්ට තරගකාරී විනිමය අනුපාත, අවම පේ‍්‍රෂණ ගාස්තු සහ පාරිභෝගික සේවා ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට ප‍්‍රතිලාභ අත් කරදීමටද එම ආයතනය පියවර ගෙන ඇත. ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’ සම්බන්ධයෙන් අදහස් දක්වන අමානා බැංකුවේ උප සභාපති සිද්ධීක් අක්බාර් පවසන්නේ ‘‘කාර්යබහුල ජීවන ක‍්‍රමයකදී තම පවුලෙන් වෙන්ව සිටින අයට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන්හිදී කලට වේලාවට සහාය දැක්වීම සහ අවධානය යොමුකිරීම ඉතා වැදගත්. ඒ නිසා තමයි ඔවුන්ට රැුකවරණයක් ලබාදෙන සහ ඔවුන් සඳහාම කැපවුණු මූල්‍ය සහකාර බැංකුවක් මවු රටේ තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. එවිට ඔවුන්ට හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්. අමානා බැංකුවේ ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’ නිර්මාණය කරලා තියෙන්නේ ඔවුන් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියත් ඔවුන්ගේ පවුල්වලට හොඳම දේ ලැබෙන ආකාරයටයි’’ යනුවෙනි.

අමානා බැංකුවේ ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’ ඇමැතුම් අංකය වන 94 11 7 756 757 අංකයට ඇමැතීමෙන් හෝ  expatgold@ amana.lk ඊමේල් ලිපිනය හරහා ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’ සහ ඔබට එහි සාමාජිකත්වය ලබාගන්නා ආකාරය පිළිබඳ වැඩි දුර තොරතුරු දැනගැනීමට හැකියාවක් ඇත.


RECOMMEND POSTS