අපනශාලා 11,813ක් සේවා සපයලා



ඩුබායි නුවර අවන්හල් සහ ආපනශාලා 11,813ක් 2018 වර්ෂය තුල සේවා සැපයා ඇති බව වාර්තා වේ.

2017 වර්ෂය අවසන් වන විට අලුතින් අවන්හල් සහ ආපනශාලා 1,011ක් සේවා සැපයීමට එක් වී ඇති අතර 9.7%ක වර්ධනයක් බව වාර්තා වේ.

2018 වර්ෂය තුල අවන්හල් 641ක්ද ආපනශාලා 468ක් සහ 2017 වර්ෂයේදි අවන්හල් 601ක්ද ආපනශාලා 410ක්විවෘත කර ඇත.

විශාල සංචාරකයන් ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයට පැමිණීමට පටන් ගැනීම නිසා හෝටල් ක්ෂේත්‍රයට විශාල ඉල්ලුමක් ගොඩනැගෙමින් පවතින අතර ඩුබායි නුවර ප්‍රධාන ස්ථානයක් හිමි කරගැනීමට සමත් වී ඇත.

ඩුබායි නුවර සේවකයන් 151,127ක් සේවය කරන අතර සාමාන්‍ය අගයක් ලෙස සේවකයන් 13 දෙනෙක් එක් ආපනශාලාවක හෝ අවන්හලක සේවය කරයි.

අවන්හල් සහ  ආපනශාලා ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ලෝකයේ හොඳම ජාතිකයන් 10 වන්නේ ඉන්දියානු, පාකිස්ථානු, ඊජිප්තු, බ්‍රිතාන්‍ය, කුවේට්, ලෙබනන්, ජෝර්දාන්, සෞදි, ඉතියෝපියානු සහ ඇමරිකානුවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS