අධි-වේගි දුම්රිය සැප්තැම්බරයේ



සෞදි අරාබියේ මක්කම සහ මඩිනා යන නගර දෙක සම්බන්ධ කරමින් අධි-වේගි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සෞදි රජයපියවර ගත් අතර පළමු දුම්රිය ධාවනය උත්සවාකාරයෙන් සැප්තැම්බර් මාසයේදි ආරම්භ කිරීමට සෞදි දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ව්‍යාපෘතිය සඳහා යුරෝ බිලියන 6.7ක මුදලක් වැය වන බව වාර්තා වේ.

2016 වර්ෂයේදි දුම්රිය මාර්ගය අවසන් කර විවෘත කිරීමට සැළසුම් කර තිබුණත් අනපේක්ෂිත ආකාරයෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා දුම්රිය මාර්ගය ඉදිකිරීම ප්‍රමාද විය.

සතියකට දුම්රිය ගමන් වාර හතරක් මුලින් ක්‍රියාත්මක කරන අතර පසුව දිනපතා දුම්රිය ධාවනය කිරීමට තීරණය කර ඇත.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS