පඩියට වැට් නැහැලු



සෞදි රාජ්‍යයේ සේවය කරනු ලබන සේවකයින්ගේ වැටුපෙන් එකතු කළ අගය මත බදු (වැට්) අයකර ගැනීමට කිසිදු සැළසුමක් නොමැති බව සෞදි බලධාරීන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සේවකයින්ගේ වැටුපෙන් නොව භාණ්ඩ හා සේවා සඳහා වැට් බදු අයකර ගන්නා බවත් පාරිභෝගිකයා වෙත භාණ්ඩ ලැබෙන තෙක් ආනයන සහ අපනයන මෙහෙයුම් වලසියලුම අදියරයන්හිදී වැට් බදු අයකරගන්නා බව ප්‍රකාශයක් නිකුත් කරමින් සෞදි බලධාරීන් ප්‍රකාශ කළේය.

ජනවාරි මාසයේ සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව සෞදි රජය නිවේදනය කළේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS