‘තෝමස් කුක්’ බංකොලොත්



ලොව පැරැණිතම සංචාරක සේවා සැපැයුම් සමාගම ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ ‘තෝමස් කුක්’ ණය බරින් මිරිකී බංකොලොත් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ හේතුව නිසා බ්‍රිතාන්‍ය සංචාරකයන් දස දහස් ගණනක් දැඩි අපහසුතාවට පත් වී ඇති බවත් බොහෝ සංචාරකයන් විදේශවල කොටු වී සිටින බවත් පැවැසෙයි. එසේ අසරණ වුණු සංචාරකයන් මුදා ගැනීමට බ්‍රිතාන්‍ය රජයට මැදිහත් වීමට සිදුවී ඇති බව ද වාර්තා වේ. එසේ අසරණ වී සිටින බි්‍රතාන්‍ය සංචාරකයන් ගණන 1,50,000 ක් යැයි බි්‍රතාන්‍ය රජය නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS