ශ්‍රී ලන්කන් ගුවන් ගමන් නවතී



චීනයට සහ ජෙඩා නගරයට ගුවන් ගමන් නතර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව මේ මස 10 වැනි දින සිට 30 වැනි දින දක්වා කාලය තුළ චීනයට ගුවන් ගමන් සිදු නොකරන බව ද එම සමාගම කියයි.

මේ අතර විදෙස් ජාතිකයන්ට සිය රටට ඇතුළුවීමට ඉඩ නොදීමට සෞදි අරාබිය තීරණය කර ඇති නිසා මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ ජෙඩා නුවරට ගුවන් ගමන් නවත්වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉකුත් දා නිවේදනය කළේය.

සෞදි අරාබියේ රියාද් සහ දමාම් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කරයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ විදෙස් ජාතිකයන්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමටත් සංචාරකයන්ට සහ මුස්ලිම් බැතිමතුන්ට මක්කම සහ මදීනාව වැඳ පුදා ගැනීමට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමටත් සෞදි අරාබිය ඉකුත් දා පියවර ගත්තේය.

සෞදි අරාබියට ඇතුළු වන සියලු ගුවන් සේවාවල කාර්යමණ්ඩලවල සියලු දෙනා ද වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරන බව ද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.  


RECOMMEND POSTS