ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්



ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රයන්තවලට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ තීරණය කර ඇත.

පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇතැයි සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් පිළියම් යොදමින් වහා ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 ගෝලීය වසංගතයට ඉදිරිකාලයේදී රටේ ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවට දැඩි බලපෑමක් ඇති කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වාදෙයි.

මේ හේතුවෙන් ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මුදල් මණ්ඩලය රැස් වූ අතර එහිදි එම තීරණය ගෙන තිබේ.

මාර්තු මස 27 වැනිදා හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් රුපියල් බිලියන 27.5ක් ලබා දී ඇත. නව තීරණ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1කට සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදෙයි. එම පහසුකම දේශීය ව්‍යාපාර රැසකට ලැබෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු එම මුදල සියයට සියයට 4ක පොලී අනුපාතිකයකට ව්‍යාපාරවලට ලබාදෙනු ඇත.

මෙම යෝජනා ක්‍රමය සහ සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මඟින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර කලින් කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබාගැනීම සඳහා අරමුදල් සපයන බව ද එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුනාවන දෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් නිකුත් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS