ශ්‍රමිකයෝ මිලියන 14 ක් ගල්ෆ් රටවල



ගල්ෆ් රටවල්වල සේවය කරනු ලබන විදේශ ශ්‍රමිකයින් සංඛ්‍යාව 2017 දෙසැම්බර් මාසය අවසන් වන විට මිලියන 14ට ආසන්න වී ඇති බව ගල්ෆ් සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය නිකුත් කරන ලද වාර්තාවක සටහන් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

සමස්ථ විදේශශ්‍රමබලකායෙන් 68%ක් එමිරේට්ස් විදේශ ශ්‍රමිකයින් නොමැතිව ආවරණය වන අතර

2015 වර්ෂයේදීවිදේශ ශ්‍රමිකයින් සංඛ්‍යාවමිලියන 13ක්ව පැවති බව වාර්තා වේ පැහැදිලිව දක්වා ඇත. 

රැකියා ප්‍රතිපත්ති, තෙල් මිල ඉහළ යෑම, ව්‍යාපෘති ඇණහිටීම් සහ වෙනත් කරුණු හේතුවෙන් විදේශ ශ්‍රමිකයින් කප්පාදු කිරීමට ගල්ෆ් රටවලට සිදු වී ඇත.

ගල්ෆ් කලාපයේ රටවල විරැකියාව වැඩිවෙමින් ඇති අතර සෞදි අරාබිය ඉහළම තැනට පත් වී ඇති බව බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

සෞදි අරාබියේ 12.1%කින්ද, එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ 6.9%කින්ද, කුවේට් රාජ්‍යයේ 4.7කින්ද, බහරේන් රාජ්‍යයේ 3.3%කින්ද විරැකියාව ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS