විසදුම් සොයන්න බිලියන 1.5ක්



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ජල හිඟයට සහ ආහාර සුරක්ෂිතතාවයට විසදුම් සෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වෙන් කර ඇති බව වාර්තා වේ.

ඉදිරි වසර පහක කාලය තුල විසදුම් සෙවීම සඳහා අදාල මුදල වෙන් කර ඇති අතර අබුඩාබි ඔටුන්න හිමිකුමරු සහ ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් අනුමැතිය ලබා දී ඇත. 

“ජල හිඟයට සහ ආහාර සුරක්ෂිතතාවයට නවීන විසදුම් සොයන්න, ගෝලීය හවුල්කාරීත්වයක් පිහිටුවන්න කියලාවිධායක කමිටුවට නියෝග කළා’’ යනුවෙන් අබුඩාබි ඔටුන්න හිමිකුමරු සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS