වැට් බදු අයකිරීම 2019 සිට



වැට් බදු අයකිරීම 2019 වර්ෂය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ඕමාන් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

2016 නොවැම්බර් මාසයේ සිට වැට් බදු අයකිරීමට කලින් තීරණය කර තිබු අතර විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වු බලපෑම් හේතුවෙන් වරින් වර කල් දැමීමට සිදු වු බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රටේ ආදායම විවිධාංගීකරණය කිරීමටත් තෙල් මිල පහත වැටීම හේතුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකින් පවත්වා ගෙන යෑමේ අරමුණින් ඕමාන මුදල් අමාත්‍යාංශය වැට් බදු හඳුන්වා දීමට තීරණය කළේය.

2018 වර්ෂයේ මැදභාගයේ සිට මත්පැන්, දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදනයන්, ශක්ති ජනක පානයන් සහ පැණි බීම සඳහා වැට් බදු මුදල් අයකිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS