රුපියල්වලින් ගණුදෙනු පුළුවන්



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල තුල ඇති තීරුබදු රහිත වෙළඳසැල්වලින් ඉන්දියානු රුපියල් භාවිතා කර ගණුදෙනු කළ හැකි බව වාර්තා වේ.  

“අපි ඉන්දියානු රුපියල්වලින් ගණුදෙනු කිරීමට පටන්ගත්තා’’ යනුවෙන් ඩුබායි තීරුබදු රහිත කාර්ය මණ්ඩලය බදාදා (ජුලි 03) පැවසීය.

ගුවන් මඟීන් මිලියන90ක් ඩුබායි ගුවන්තොටුපොල හරහා පසුගිය වසරේ ගමන් කරන අතර මිලියන 12.2ක් ඉන්දීය ජාතිකයන් වේ.

ඉන්දියානු රුපියල්වලින් ගණුදෙනු කිරීමට පහසුකම් සැපයීම ඉන්දීය ජාතිකයන්ට විශාල ප්‍රයෝජනයක් වනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS