තීරු බදු සහනය දිගටම



2021 ජනවාරි පළවැනිදා සිට 'බ්‍රික්ස්ට්' ක්‍රියාවලියට අනුව බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන් වුව ද, යුරෝපා සංගම් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයට අදාළ ප්‍රතිලාභ, නොකඩවා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සියයට 40 ක් ඇගලුම් නිෂ්පාදන වන අතර, ඉන් දෙවනුව වැඩිම ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ මහා බ්‍රිතාන්‍යයටය.

2021 වසරේ සිට යුරෝපා සංගම් බදු සහනය බ්‍රිතාන්‍යය සඳහා බල නොපවත්වන නමුදු, 2021 වසරේ ජනවාරි පළවනදා සිට බ්‍රිතාන්‍ය ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය, යුරෝපා සංගම් ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිවූ රටවල් වෙත අඛන්ඩව ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හිමිවන එම තීරු බදු සහනය 2023 වසර දක්වා ක්‍රියාත්මක වනු ඇති බව ද පැවැසෙයි.


RECOMMEND POSTS