තිරසර බලශක්තියට ඩිරාම් බිලියන 26 ක්



එමිරේටයේ හරිත ආර්ථක ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් තිරසාර බලශක්ති සැපයුමක් වෙනුවෙන් ඩිරාම් බිලියන 26.4 ක මුදලක්  වෙන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අගමැති හා ඩුබායි පාලක ෂෙයික් මෙහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් තීරණය කර ඇත.

මේ වසර සදහා වන අය වැයෙන් මෙම මුදල වෙන් කිරීමට ඩුබායි පාලකවරයා පියවර ගෙන ඇත.

පුනර්ජනනීය බලශක්ති ක්‍රමයක් එමීරයේ ඇති කිරීම වෙනුවෙන් ඩුබායි පාලකවරයා විශේෂ අවධානයක් යොමුකර තිබෙන අතර එවැනි බලශක්ති ක්‍රම සොයා ගන්නා නව නිෂ්පාදකයින් දිරිමත් කිරීම වෙනුවෙන් මෙලෙස එකවරම විශාල මුදල්ක් වෙන් කිරීමට ඔහු කටයුතු කර ඇත.

විශේෂයෙන්ම ඩුබායි  නගරයේ සියයට සියයක් සූර්ය බලශක්ති ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ප්‍රමාණයක් නිපදවීමට මෙම මුදලින් අපේක්ෂා කෙරේ.ඩුබායි විදුලිබල හා ජලසම්පාදන අධිකාරිය විසින් මෙම මෙහෙයවනු ලබයි.

එමීර් රාජ්‍යය මේ වසරේ අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ තිරසර බලශක්තීන් වෙනුවෙන් වන අතර ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා අනුව 2050 වසර වන විට සමස්ත ඩුබායි නගරයම සුහුරැ (ස්මාර්ට්) සහ තිරසර නගරයක් බවට පත් කිරීමද ඩුබායි පාලකවරයාගේ අරමුණ වී ඇත.

( තිළිණි ද සිල්වා)

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS