ගුවන් මඟීන් මිලියන 22.2ක් ගිහින්



2019 මුල් කාර්තුවේ ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මඟීන් මිලියන 22කට වැඩි සංඛ්‍යාවක් සිය ගමනාන්ත වෙත ගොස් ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ මුල් කාර්තුව සමඟ සංසන්දනය කිරිමේදි ගුවන් මඟීන්ගේ සංඛ්‍යාව 2.2%කින් පහත වැටි ඇති බව ගුවන්තොටුපොල අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ඩුබායිගුවන්තොටුපොල හරහා ටොන් 641,250ක භාණ්ඩ ප්‍රවාහනය කර ඇති අතර 2018 මුල් කාර්තුව සමඟ සංසන්දනය කිරීමේදි 4.1% වර්ධනයකි.

එම කාලය තුලදි ගුවන් ගමන් 95,857ක් ක්‍රියාත්මක කර ඇති අතර ගුවන් ගමන් සංඛ්‍යාවද 3%කික්ද අඩු වී ඇත.

වැඩිම පිරිසක් ගමන් කර ඇත්තේ ඉන්දියාවට වන අතර සංඛ්‍යාත්මකව 3,121,809ක් වේ.සවුදි අරාබියට ගුවන් මගීන් 745,750ක්, එක්සත් රාජධානියට1,511, 917ක්, පාකිස්ථානයට1,159,722ක්, ඇමරිකා එක්සත් ජනපදයට764,489ක්,  ජර්මනියට 690, 062ක්,චීනයට620, 013ක්සහරුසියාවට414,445ක් ගමන් කර ඇත.

ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං මැක්ස් 737ගුවන්යානය කඩාවැටීම ගුවන් මඟීන්ගේ සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS