ඕමානයේ තෙල් මිල ඉහළට



ඕමානයේ තෙල් මිල ගණන් ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

M91, M95සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට සිදු වී ඇති බව ෂෙල් ඕමාන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

“M91’’ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා205 සිට 210 දක්වාත්, “M95’’ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා215 සිට 220 දක්වාත් වැඩි කර ඇත.

ඩීසල් ලීටරයක මිල බයිසා245 සිට 250 දක්වා වැඩි කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS