හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඉෆ්තාර් උත්සවයක්



මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පසුගිය දා පැවැත්විණි.

මුස්ලිම් රටවල තානාපතිවරුන්, මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යනමහවරුන්ද, ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාද මේ අවස්ථාවට එක්වූහ.

නාලක සංජීව දහනායක


RECOMMEND POSTS