හැකි ඉක්මණින් දිවයිනට



අබුඩාබි තානාපති කාර්යාලය ආශ්‍රීත සුරක්ෂාගාර නිවාසයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මණින් දිවයිනට යැවීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අබුඩාබියේ දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන්ට උපදෙස් දුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

අමාත්‍යතවරිය මේ දිනවල අබුඩාබියේ නිල සංචාරයක යෙදෙන අතර  මෙම රැඳවියන්ගේ ගැටළු සොයා බැලූ අතර එහිදී මෙම රැඳවියන් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සදහා මැදිහත් වූ බව ද කාර්යංශය කියයි.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස අවශ්‍ය උපරිම මැදිහත් වීම සිදු කරන බවත් ,ඒ සදහා අවශ්‍ය කරන ඕනෑම පහසුකමක් ලබා දීමට මැදිහත් වන බවත් එම රැඳවියන් හමුවූ අවස්ථවේ අමාත්‍යවරිය පවසා ඇත.
ඇය එහි දී ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ නිවැරදි නීතිරීති අනුව විදෙස්ගත වන ලෙසත්, සංචාරක වීසා මත රැකියාවක් සදහා විදෙස්ගත නොවන ලෙසත්, සංචාරක වීසා මත විදෙස්ගත වී රැකියාවක නිරත වීම නීත්‍යානුකූල නොවන කාරණාවක් වන බවත්, ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස්ගත නොවන ලෙසත්ය.

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂාගාර නිවාසයේ දැනට ශ්‍රමිකයින් 8 දෙනෙකු සිටින අතර, මෙම නිරීක්ෂණය සදහා අබුඩාබි ශ්‍රී ලංකා තානාපති සුලයිමන් ජිෆ්රි මොහිදීන් මහතා සහ ඩුබායි රාජ්‍යයේ කම්කරු උපදේශක  ජයන්ත වනිගතුංග මහතා ඇතුළු පිරිසක් එක්විය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS