හජ් වන්දනා කටයුතු නියාමනයට පනතක්



හජ් වන්දනාවේ යන මුස්ලිම් බැතිමතුන් සම්බන්ධ කටයුතු නියාමනය සඳහා හජ් පනතක් සකස් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හජ් වන්දනාවේ නිරතවීමට වසරකට ඉස්ලාම් බැතිමතුන් 7,000ත් 10,000 ත් අතර පිරිසක් අයදුම් කරන නමුත් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන අවස්ථා ගණන 2,200ත් 3,400ත් අතර ප්‍රමාණයකට සීමා වන බව තැපැල්, තැපැල් සේවා හා  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.

එබැවින්  වන්දනාකරුවන් සහ සංචාර මෙහෙයුම්කරුවන් තෝරාගැනීම ඉතා දුෂ්කර වී ඇති බැවින් හජ්  වන්දනා ගමන හා සම්බන්ධ කටයුතු නියාමනය කිරීම පිණිස හජ් පනතක් සකස් කළ යුතු බවට යෝජනා වී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා නීති සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තැපැල්, තැපැල් සේවා හා  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS