සෞදි ගිහින් හෝඩුවාවක් නෑ



සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටිය දී කිසිඳු තොරතුරක් නොමැති බව කියන කාන්තාවන් දෙදෙනකු පිළිබඳව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණීල කර තිබේ.

බිබිල මැදගම බදුල්ලගොල්ලපොල්වත්ත තිළිණී නිවසේ ඩී කරුණාවතී මහත්මිය සහ පුන්දලු ඔය පහළ කොටසේ දුනුසිනාන පදිංචිව සිටි පෙරියසාමි මුත්තු මාරියම්මා යන දෙදෙනා මෙසේ අතුරුදන්ව ඇතැයි කියති.

ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ඇතූළු ජනතාවගේ සහය කාර්යාංශය බලාපොරොත්තු වේ.

විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතුව සිටි ඉහත නම් සඳහන් දෙදෙනා පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS