සොව පළ කරයි



ඉන්දුනීසියාවට බලපෑ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට සහ එරට රජයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලවත් කණගාටුව පල කර සිටී.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම අසා තමා දැඩි සේ කම්පාවට පත් වු බවය.

ජීවිත සිය ගණනක් විනාශ කරමින් සහ බරපතළ දේපල හානී සිදුකරමින් පසුගිය 28 වන දින ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවෑසි, ඩොන්ගාලා ප්‍රදේශයට හදිසි සුනාමි තත්ත්වයක් හට ගත්තේය.

විපතට පත් සියලු දෙනා වෙත ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේ දැඩි සංවේගය පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

මෙම අසීරු අවස්ථාවේ ඉන්දුනීසියාව  සමඟ ශ්‍රී ලංකාව ද අත්වැල් බැඳගෙන සිටින බව සිය ශෝක පණිවිඩයේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ස්වභාවික විපතින් යළි නැගී සිටීමට ඉන්දුනීසියානු ජනාධිපතිවරයාටත් රජයටත් ජනතාවටත් සිය ආශිර්වාදය පලකර තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS