සූ කී හමුවෙලා



මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතර හමුවක් 2 දා කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය.

එම හමුවේදි රාජ්‍ය කවුන්සිලයේ නායිකි හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි මහත්මිය පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල්  ලෙස ශ්‍රි ලංකාව හා මියන්මාරය වැන රාජ්‍යයන්  ඉදිරියට යාමේදි විවිධ විදේශ රටවල් වලින් සිදු කරන විදේශ අතපෙවිම් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රි ලංකාවට ඉදිරියට තම රටේ පුර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදි ලංකාවේ සංචාරයක් සදහා එක්වන බවද ඇය මෙහිදි තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

(මාතලේ මහේෂ් කිර්තිරත්න)


RECOMMEND POSTS