සිරවුණු ශ්‍රී ලාංකිකයින් 1,247 ගෙන්වන්න සූදානම්



කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යළි දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන් හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 1247 දෙනෙකු ගෙවීමේ පදනම මත නිරෝධනය වීමේ ක්‍රියාවලිය යටතේ අද (18) සිට ලබන 26 වැනිදා දක්වා යළි මෙරටට ගෙනවා ගැනෙන බව විදේශ කටයුතු අමාත්‍යාශය කියා සි

ඒ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉතාලිය , කටාර් , කුවේට් සහ ඕමානය යන රටවල සිට විශේෂ ගුවන් යානා පහකින් මෙම ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණෙන බව එම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පැවසීය.
ඒ අනුව අද (18) දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 290 ක්ද , ලබන 20 වැනිදා ඉතාලියේ සිට මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින ලාංකික සිසුන් ඇතුළු ලාංකික ශ්‍රමිකයින් 100 ක්ද , 21 වැනිදා කටාර් රාජ්‍යයේ සිටින ගර්භනී කාන්තාවන් සහ රෝගාබාධ සහිත හා අවදානම් සහිත ලාංකකියින් 297 ක්ද , 23 වැනිදා කුවේටයේ සිට ලාංකිකයින් 297 ක්ද , 26 වැනිදා ඕමානයේ සිට ලාංකිකයන් 290 ක් ද  ගෙවීමේ පදනම මත නිරෝධනය වීමේ ක්‍රියාවලිය යටතේ දිවයිනට ගෙන්වා ගැනෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ඉකුත් ඔක්තෝබර් මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා පොකුරක්  අනාවරණය වීමෙන් පසුව, එම වයිරස් ව්‍යාප්තියේ වැඩිවීමක් හේතුවෙන් විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවන ලදී.

නමුත් ගෝලීය වශයෙන් ඇති වී තිබෙන මෙම වසංගත තත්ත්වය නිසා රැකියා අහිමිවූ මැදපෙරදිගල ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම හා විශේෂ අවශ්‍යතා ඇති ලාංකිකයින්ද ගෙවීමේ පදනම මත නිරෝධනය වීමේ ක්‍රියාවලිය යටතේ යළි දිවයිනට ගෙන්වා ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS