සාමය වෙනුවෙන් ශක්තිමත් මිතුදම්



දිගුකල් පවත්නා සාමයක් උදෙසා කලාපයේ සහෝදර රටවල් සමඟ ශක්තිමත් පුළුල් සබඳතා ඇති කරගත යුතු යැයි පාකිස්තානය විශ්වාසය කරන බව පී.එන්.එෆ් සයිෆ් නෞකාවේ කපිතාන් ෂෂාද් ඉක්බාල් පැවැසීය.

පාකිස්තානය නිරන්තරයෙන් කලාපයේ රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළ කපිතාන්වරයා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දීර්ඝකාලයක් තිස්සේ මිත්‍රශීලි සබඳතා පවතින බව ද කීවේය.
සුහද සංචාරයක් සඳහා පාකිස්තාන නාවික හමුදාවට අයත් පී.එන්.එස් සයිෆ් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන් පැවැති උත්සවය අමතින් කපිතාන්වරයා එම කරුණු පැවැසීය.

 

පාකිස්තානය නිරන්තරයෙන් සාමය, සහයෝගීතාව හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව ද කපිතාන්වරයා කීය.

එහිදි අදහස් දැක්වූ කපිතාන්වරයා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාවේ කලාපයේ ඉතා වැදගත් රටක්. පාකිස්තානය සෑම විටම පොදු යහපත උදෙසා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරනවා. නාවික සහයෝගීතාව වෙනුවෙන් පාකිස්තානය හා ශ්‍රී ලංකාව සෑම විටම සහයෝගීව කටයුතු කරනවා” යැයි ද හෙතෙම කීය.
විස්සයි 20 තරගයක් සඳහා පාකිස්තානයේ සංචාරය නිරත වී ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවය හිමිවිය යුතු බව කී හෙතෙම පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් ඇතුළු සියලු දෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට හදවතින්ම ආදරය කරන බව ද කීය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය වන මෙම පී.එන්.එෆ් නෞකාව පසුගිය සමයේදී ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීම සඳහා විදේශ යාත්‍රාවලින් එකක් ද වේ.

​හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS