ස්විස් බැංකුවේ මිලියන ගණන් තැන්පත් කරලා



ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත  සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම් වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ අනුව ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කරන තැන්පතුකරුවන්ගේ ලැයිස්තුවට අනුව ශ්‍රී ලාංකියන් මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ 151 වන ස්ථානය හිමිව ඇති බව එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලොව පුරා තැන්පතුකරුවන් විසින් ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.42ක් තැන්පත් කර ඇති අතර ස්විස් බැංකු ගිණුම් වල වැඩියෙන්ම මුදල් තැන්පත්කර ඇති රටවල් දහය අතර පළමු ස්ථාානය හිමි කර ගෙන ඇත්තේ එක්සත් රාජධානියයි.

ඊට අමතරව පිලිවෙළින් ඇමෙරිකා එක්සත් ජනපදය , බටහිර ඉන්දීය කොදෙව් ,ප්‍රංශය ,බහමාස් දූපත් ,ජර්මනිය ,ඉංග්‍රීසි ඕඩය ආසන්නයේ ඇති ගර්න්සේ දූපත් ,ජර්සි ,හොංකොං ,සහ ලක්සම්බර්ගය යන රටවල් පිළිවෙලින් පසුවෙති.

ශ්‍රී ලංකාවට අමතරව අනෙකුත් ආසියාතික රටවල් ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කර ඇති  අතර ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 667.5 ක මුදලක් තැන්පත් කරමින්  බංගලාදේශය 89 වන ස්ථානයේ පසුවේ.

නේපාලය ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 312ක් මුදල් තැන්පත් කරමින්  150 වැනි ස්ථානයේ ද් ,ස්විස් ෆ්‍රෑන්ක් ලක්ෂ පහක මුදල් තැන්පත කළ භූතානය එම ලැයිස්තුවේ  282 වන ස්ථානයේ පසුවෙති.

සංවර්ධිත රට වල  ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 824ක මුදලක් පමණ එම ස්විස් බැංකු ගිණුම් වලට බැර වී ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් බැර වී ඇත්තේ ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 208ක් පමණක් බව එම සංඛ්‍යාලේඛන වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇති බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් වාර්තාවේ දක්වා ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS