සහන කාලය 22 අවසන්



කුවේට් හි නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන්ට එරටින් පිටවීමට ලබා දී තිබු සහන කාලය මේ මස 22 දායින් අවසන් වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිහිපත් කර දෙයි.

ජනවාරි මස 29 වෙනි දින සිට පෙබරවාරි මස 22 දක්වා ලබා දුන් මෙම කාලය තුළ නීති විරෝධී අන්දමින් රැඳී සිට විදේශිකයින්ට කිසිඳු නීතිමය බාධාවකින් හා දඬුවමකින් තොරව මව් රටවල් බලා යාමට හැකියාව සළසා දෙනු ලැබීය.

කුවේට්හි නීති විරෝධී අන්දමින් රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 4000 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ආරංචි මාර්ග පවසයි.

තවත් 88 ක්  පමණ දෙනාගේ ලියකියවිලි කටයුතු සම්පූර්ණ නමුත් එරටින් සිදුකළ යුතු යම් යම් පරික්ෂා කිරීම් අවසන් කළයුතුව පවතින බැවින් තවමත් ඔවුන් එරට රැඳී සිටින නමුත් අද හෙටම ඔවුන්ට ද රටින්  පිටවිය හැකිවනු ඇතැයි පැවැසේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS