සංචාරකයන්ට බලපෑමක් නෑ



රටේ පවතින දේශපාලන අර්බුද මැද පසුගිය නොවැම්බර් මාසයේ දී  විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ගිය වසරේ නොවැම්බර් මාසයේදී ලංකාවට පැමිණි විදෙස් සංචාරක  සංඛ්‍යාව හා සැසදීමේදී මෙම මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව  සියයට 16.8 කින් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

මේ අනුව ඒ  වසරේ මුල් මාස 11 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය විසිලක්ෂය ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ එම නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ජනවාරි සහ නොවැම්බර් කාලය තුළ 2,080,627 ක් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර නොවැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට  ඉන්දියාව වන අතර   එරටින් 39,137 ක සංචාරකයින් සංඛ්‍යාවක් එහිදී පැමිණ තිබේ. එය සියයට 21.4 ක වර්ධනයකි.

දෙවැනියට වැඩියෙන් සංචාර⁣කයින් පැමිණ ඇත්තේ  තැන එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව  21,971 ක් වේ.අතර 2017 නෙවැම්බර් මාසය හා සැසඳීමේ දී එය සියයට 61.1 වර්ධනයකි.

නොවැම්බර් මාසයේ දී  එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයේන හේතු වී ඇත්තේ එංගලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයයි. එංගලන්ත ක්‍රිකට් පිල විදෙස් සංචාරයක නිරත වන අවස්ථාවක දී ඔවුන්ගේ සහායට පැමිණෙන අතිවිශාල ‘බාමි ආමි‘ එංගලන්ත ක්‍රිකට්ලෝලීන් ගේ සහාය, මේ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට නොවැම්බර් මාසයේ දී දායක වී තිබේ.

නොවැම්බර් මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම 1.8% කින් පහළ ගොස් ඇති අතර ප්‍රධන වශයෙන් යුරෝපා රටවලින් පැමිණි සංචාරකයින් ගේ ඉහළ යාමක් මෙහිදී වාර්තා වේ. ඒ අනුව සංචාරකයින් පැමිණි රට අනුව එක්සත් රාජධානිය 61.1% කින්, ජර්මනිය 89.6% කින්, ප්‍රංශය 22.4% කින්, ස්විස්ටර්ලන්තය 85.7 කින් යනා දී වශයෙන් මෙරට පැමිණි සංචාරකයින්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් නොවැම්බර් මාසයේ දී දැකගත හැකි විය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS