සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගන්නවා



මෙම වසර තුළදී ලක්ෂ 30 ක විදෙස් සංචාරකයින්  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය යැයි  සංචාරක හා වනජීවී අමාත්‍ය  ජෝන් අමරතුංග මහතා කියා සිටී.

පසුගිය වසරේ අවසාන මාස 3 දී රටේ අවාසනාවන්ත විදියට දේශපාලන අර්බුදකාරීත්වයකට මුහුණ දීමට සිදු වූ නිසා  එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ බවත් , එබැවින් මේ වසර තුළ එය සපුරා ගැනීමට කටයුතු- කරන බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාල වශයෙන් විදේශ විනිමය උපයන කර්මාන්තය සංචාරක කර්මාන්තය වන බවත් , අමාත්‍යාංශයේ ඉලක්කය මේ වසර අවසානයේ දී මෙරට දෙවැනියට විදේශ විනිමය උපයන කර්මාන්තය ලෙස ඉදිරියට පැමිණීම යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වසරේ චීන සහ ඉන්දීය සංචාරකයින් ඉලක්ක කර ගනමින් මහපරිමාණයේ සංචාරක ප්‍රවර්ධන කටුයතු දියත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් එමඟින් සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් මේ වසර තුළඳී රටට හිමිකර දීමට අපේක්ෂා කරන බව හොතම කීය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS