සංචාරකයන් අඩුවෙලා



ගතවූ මාස හයක කාලය තුළ මැදපෙරදිග රටවල් වලින් විදෙස් සංචාරකයින් 37,360 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර එය ගිය වසරේ මුල් මාස 6 සැසඳීමේ සියයට 4.5 ක අඩුවීමක් යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.

මැදපෙරදිගින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ සෞදි අරාබියෙනි.එරටින් 11,044ක්ද , ඊශ්‍රායලයෙන් 4718 ක්ද ,ඕමානයෙන් 3287 , කුවේට් ජාතිකයින්  2100 ක්ද ,එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයන් 2524 ක් බහරේනය ,කටාරය ,ඉරානය ,ඉරාකය ඇතුළු අනෙක් මැදපෙරදිග රටවල් වලින් සංචාරකයින් 13,687 ක්ද මෙම කාලය තුළ මෙරටට පැමිණ ඇත.

මීට අමතරව ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ  සංචාරකයින් දශ ලක්ෂ දහ දහස් හාරසිය හතළිස් හතර දෙනෙකු පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ  නවතම දත්ත වල සඳහන්වේ.

මෙය මෙය ඉකුත් වසරේ පළමු මාස හය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ හැටහතර දහස් දෙසිය හැටහතක් වන අතර එය මේ වසරේ මුල් මාස හය තුළ පැමිණි පිරිස හා සැසඳීමේදී  සියයට 4.8 ක වර්ධනයක් යැයිද එම සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.

ජනවාරි හා ජූනි මාස දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 172,894 කි. චීනයෙන් සංචාරකයින්  134,744 ක් මෙරටට පැමිණ ඇත.

මේ අතර යුරෝපා රටවලට අයත් එක්සත් රාජධානියෙන් විදෙස් සංචාරකයින් 95,922 ක්ද , ජර්මනියෙන්  සංචාරකයින් 67,631 ක්ද ,  ප්‍රංශයෙන්  සංචාරකයින්  50,961 ක්ද , ඕස්ට්‍රේලියා වෙන සංචාරකයින් 35,094 ක්ද , රුසියාවෙන් සංචාරයකින් 33,338  ක්ද , ඇමරිකා එක්සත් ජනපදයෙන්  සංචාරකයින්  28,139 ක් සහ කැනේඩියානුවන් 22,882 ක් මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ වසර තුළ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයින්ගේ ප්‍රමාණය ලක්ෂ 25 ලෙස වසර ආරම්භයේ දී අපේක්ෂා කලද පසුගිය ගංවතුර හා නායයෑම් තත්ත්වයන් නිසා මේ වසරේ ලක්ෂ 25 ක සංචාරක ඉලක්කයේ වෙනසක් සිදුනොවන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංචාරක සංවර්ධන අමාත්‍යවරයා කියා තිබිණි.

 මේ වන විට රට තුළ ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගත රෝග තත්ත්වය ,මේ අතර මුල්මාස කිහිපය තුළ මෙරට ප්‍රධානතම ගුවන්තොට වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු හේතුවෙන් ගුවන්ගමන් සීමාකිරීමට සිදුවිය. ඒ හේතුවෙන් ද පැමිණි සංචාරකයින්ගේ පහළ යාමක් පෙබරවාරි, මාර්තු මාසවල දී වාර්තා වී තිබිණි.

මේ කරුණු හේතුවෙන් ලක්ෂ 25 ක විදෙස් සංචාරක ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS