ශිෂ්‍යත්ව වැඩසටහන අයදුම්පත්



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේස්ගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අරමුදල මගින් වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 31 දක්වා දීර්ඝ කර ඇත.

මීට පෙර අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලෙස අප්‍රේල් 30 දැක්විණි.

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබූ ඇඳිරිනීති තත්ත්වය යටතේ අයදුම්පත් එවීමට නොහැකි වූ අයට අයදුම්පත් එවීම සඳහා මෙලෙස කාලය දීර්ඝ කර තිබෙන බව කාර්යාංශය කියා සිටී.

ඒ අනුව, 2019 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමතුන්, 2018 වර්ෂයේ අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සමතුන් හා 2018 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දූදරුවන් සඳහා පිළිවෙලින් රු.20,000, 25,000, 30,000.00 බැගින් ශිෂ්‍යාධාර පිරිනැමේ.

අදාල අයදුම්පත www.slbfe.lk

වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවද කාර්යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS