ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම්



ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර අැත.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් එක්කරමින් තානාපතිවරිය මෙම අදහස් පළකර තිබුණි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මෙලෙස සුබ පැතුම් එක්කර තිබු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ඉද්රියේදී වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තානාපතිවරිය මෙහිදී සඳහන් කර ඇත.

ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහය දීම වෙනුවෙන් යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කැරුණු හා අංශ සම්බන්ධයෙන්ද එක්ව කටයුතු කරන බවයි ඇය ප්‍රකාශ කර තිබුණේ.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS