ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති දැක්ම



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනාධිපති නිතීඥ සරත් විජේසිංහ සහ ඔහුගේ පුත් අමිල විජේසිංහ යන මහත්වරුන් විසින් සංස්කරණය කළ ‘2020 වසර සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති දැක්ම (ෆොරින් පොලිසි පර්ස්පෙක්ටිව්ස් ෆෝ ශ්‍රී ලංකා ඉන් 2020)’ කෘතිය කොළඹදී එළිදැක්විණි.

ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද ? ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ? එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් කවුන්සිලය සමඟ සබඳතා කෙසේ විය යුතු ද ? යන කරුණු ආවරණය කරමින් ලියූ ලිපි ඇතුළත් කරමින් මෙම කෘතිය සංස්කරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආචාර්ය පාලිත කොහොන, හිටපු තානාපති තමාරා කුනනායගම්, මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, තානාපති ඩී.එල්. මෙන්ඩිස්, ආචාර්ය නිමල් එදිරිසිංහ, ජෙෆ් ගුණවර්ධන,  ශක්ති දෙව්පුර හා මැණික් වක්කුඹුර යන මහත්ම මහත්මීන් මෙම කෘතියට ලිපි සපයා ඇත.

ඊට අමතරව ජනාධිපති නීතීඥ සරත් විජේසිංහ යන අමිල විජේසිංහ යන මහත්වරුන්ගේ ලිපි දෙකක් සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ආචාර්ය වර්නන් මෙන්ඩිස් මහතාගේ ලිපියක් ද මෙම කෘතියට ඇතුළත් කර ඇත.

හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය කළ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා මෙහිදි අදහස් දැක්වීය.

කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී ඉකුත් දා (10) පස්වරුවේ මෙම උත්සවය පැවැත්විණි.

කෘතියේ පළමු පිටපත හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන ඩී.එල්. මෙන්ඩිස් මහතාට පිළිගැන්විණි.

මෙහිදි කොන්සියුලර් ජෙනරාල්වරයකු ජෙෆ් ගුණවර්ධන සහ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු යන මහත්වරුන්ට සම්මාන ද පිළිගැන්විණි.

විද්වත් වෘත්තිකයන්ගේ සභාපති සමන් වරුසවිතාන, සී.ඒ. චන්ද්‍රප්‍රේම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ළහිරු හර්ෂණ  

RECOMMEND POSTS