ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන මාලා



කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීමෙන් පසුව ලෝකයේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන මාලා සිට රටවැසියන් සදහා නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව මෙලෙස සංචාරක උපදේශන මාලා නිකුත් කරනු ලැබ ඇත්තේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්ය.

මෙම රටවල් මීට පෙර ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය පළමු සහ දෙවැනි අවදානම් මට්ටමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි සංචාරක උපදේශන  නිකුත් කළ අතර ඒවා නැවත යාවත්කාලීන කරනු ලැබ ඇත.

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට තුන්වැනි අවදානම් මට්ටම දක්වා පැමිණ තිබෙන අතර ප්‍රජාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන් සහ ගුවන් තොටුපොළ මෙහෙයුම්වල වෙනස්කම් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවද එම රටවල් සිය සංචාරක උපදෙස්වල දක්වා තිබේ.

කොවිඩ්-19 වසංගතයෙන් ඇති වන සෞඛ්‍ය අවදානම සහ ගෝලීය සංචාරයට ඇති බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව පවසයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS